හිරුට ගතු කියනවා

අපුර්ව සෙනෙහසක චමත්කාරය
අරුනැල්ලක දැවටි
හිත පුරාවටම දග කරනවා.
උද්දාමයෙන් අවදි වන හිත
මසිත කුල්මත් කරයි.
කොල සිතුවිලි එකිනෙක පැටලී
මනමාල කතාවකට පෙර සූදානමක.
සීතල මදනල තුරු ගොමු අතරට විත්.
රහස් කියනවා.,
වලාකුළු රොක් වෙලා..
හිරුට ගතු කියනවා.
මේ සියල්ල අබිබවා....
සෙනෙහසේ සොදුරු නවාතැනට
මසිත ඉගිලෙනවා.,
සදා නොවෙනස් සෙනෙහසක
ලෙන්ගතු‍ බව..
සිත පුරා තැවරෙද්දී
මට ඔයාව හොයාන එන්න හිතෙනවා.

0 comments:

ආදරයට ආදරෙන්.... රෑ සඳ මඩ