මේ දෙක අතර

ආදරය කියන්නේ
දිනාගත යුතු දෙයක්
බලෙන් පැහැරගත යුතු දෙයක් නෙමෙයි...
අපි වඩාත් ලංවීමට උත්සාහ
කල යුත්තේ,
අපි ආදරය කරන්නාට නොව
අපිට ආදරය කරන්නාටය.
යතාර්ථය මෙසේ වුවද
සැබෑ ජීවිත තුල
පිලිගත හැකි සත්‍යයක් නැත.
අප සිත් නිරන්තර රැදෙනුයේ
අප ආදරය කරන හදවත් අසලය.
ඔවුන් අපවෙත පුදන අනුකම්පාව
ආදරය යයි අපට සිතේ.
මහා ජල කදකට ගසාගෙන යද්දි
තුත්තිරි ගහෙත් එල්ලෙන්නෙ ඒකනෙ.
නමුත් සත්තකින්ම එහි රැදී ඇත්තේ
ආදරය නොව අනුකම්පාවයි.
මේ දෙක අතර
වෙනස වටහා ගන්නට බැරිව
ලතවෙන හිත්
අවසන අනුකම්පාව ආදරය බව වටහා ගන්නවා
ජීවිතය විදවන්න එකම හේතු සාදකය මෙයම නොවේද.?

0 comments:

ආදරයට ආදරෙන්.... රෑ සඳ මඩ