ලෝබයී මට ඈත් වෙන්න..

නැවුම් බලාපොරොත්තු එක්ක
තවත් දවසකට
හිරු උදාවෙලා....
නොපහන් රැය පුරාවටම
ඔයාගෙ උනුසුමේ ගෙවුන සිතුවිලි..
තවමත් අවදියෙන්.,
පහන් පැයේ..
ඔයා යන්න ගිහින්.
නොකියාම යන්න ගිහින්.
ඒත් ඔයාගෙ උනුසුම
මේ පපුතුරට තාමත් දැනෙනවා.,
ලෝබයී මට ඈත් වෙන්න..,
ඔයාගෙ සුවද මේ කුටිය පුරාවටම...
මාව ඇසිල්ලකින් අසරන කරනවා..
හැමදාම හීනෙක දැවටිලා ඇවිත්
මගේ හිත අවතැන් කරනවා...
අනේ රත්තරං කියන්න.....
කවදාද ඔයා සදහටම
මගේම වෙන්නේ..

0 comments:

ආදරයට ආදරෙන්.... රෑ සඳ මඩ