හදවතම ඉරි තලයි

අතුඅග රැදෙන පිනිබිඳු
වියැකිලා යයි හිරු දුටු විගස
ඔය නෙතු අභියස රැදෙන
මගෙ නෙතු
බොද වෙනව කදුලු සයුරක
හිමි වී අහිමි වුන සිතක් ලග
සිතුවිලි බවුන් වඩන සද..
හදවතම ඉරි තලයි
ඔබ වෙනතක
ගිය බව දැන..

0 comments:

ආදරයට ආදරෙන්.... රෑ සඳ මඩ

පහන් රැය පුරාවට

සදවතිය සැගවීලා
හිරු ඇහැරෙන්න කලියෙන්ම
පිනිබිඳු ව්යැකිලා
හිරුගේ උනුහුමින්
අරුනැල්ල ගෙට ඇවිත්
මගෙ සිතම අවදියෙන්
තුරුලතා හිනැහෙනවා
හිරු රැසින් නැහැවෙමින්
මිහිතලය ජිවයෙන්
පණ් ලබයි සොම්නසින්
පහන් රැය පුරාවට
දොඩමළුව සෙනෙහසින්
ඔබ නිදයි උනුහුමට
පපුතුරේ හිස හොවන්
හිමි නොවන සිහිනයක්
ලස්සනට හැඩ කරන්
ගෙත්තමක් වියන්නෙමි
සිතුවිලිත් ගලපමින්
අවසනක් ඇරඹුමක්
නොවූ පෙම සිත දරන්
හැමදාම හඩන්නම්
මතකය තුරුලට අරන්,.

0 comments:

ආදරයට ආදරෙන්.... රෑ සඳ මඩ

සියල්ල අතැර ගියද..

මා තරම් අන් කිසිවෙකු
ඔබට පෙම් නොකරනු ඇතැයි
මසිත මට කියයි..
නමුදු ආදරය සොයා යන ගමනේ
මගෙ ආදරය ඔබට නොදැනුනේ
මගේම වරදින් වන්නට ඇත.
නමුදු දිනක ඔබට වැටහේවි
සියල්ල අතැර ගියද..
අවසානයේ ශේෂවූ මතකයන් තුල
මගේ මතකය ඉතිරිවී ඇති වග.
මග බලමි
උදාවන තුරා
ඒ ආත්මීය හෝරාව...

0 comments:

ආදරයට ආදරෙන්.... රෑ සඳ මඩ

අදුරේදී සැගව යන

සදක් වෙන්න බෑ මට
ඔබේ සිත් අහසට
පායන්නෙත් එක
සදයි ගුවනත..
මමත් ඉන්නම් තරු අතරම
ඔබට නොපෙනුනට
නෙතු මානයට
සයුර ඔබ නම්
පවස නොනිවන
වෙරළ වෙන්නම්
සිප සනසවන
සෙවනැල්ල නොම වෙමි
අදුරේදී සැගව යන
පෙනෙන මානෙක ඉන්න දෙනවද.
හුස්ම පොද ඔබ
මගේ දිවියට
මියෙන තුරු
ආදරය දෙනවද.

0 comments:

ආදරයට ආදරෙන්.... රෑ සඳ මඩ

මිහිදන් වූ මතකයන්

මියගිය අතීතයට
යලිදු පණ් පෙවිය නොහැක
මිහිදන් වූ මතකයන්
යලි අවදි කල නොහැක
අහිමි කල සෙනෙහස
යලිත් හිමි නොවනු ඇත
නමුදු ඔබෙන් ලද
ප්‍රෙමයේ උනුහුම
හැම හුස්මකම
රැදී ඇත...
සත්තකින්ම..
හැම හුස්මකම
රැදෙනු ඇත....

0 comments:

ආදරයට ආදරෙන්.... රෑ සඳ මඩ

මගෙ හුස්ම ඔබ නිසා

ඔබේ ප්‍රථම ආදරය
මම නොවන වග
ඔබ මට කියා ඇත.
අවසන් ආදරය
මම නොවන බව
හොදාකාරවම දනිමි.
මට ඇවැසි වන්නේ
සදා මතකයේ රැදෙන
කෙනෙකු වන්නට නොව
ඔබේ මතකයන් අතර
සොදුරු මතකයක් වන්නටය.
මගෙ එකම පැතුම
ඔබේ හදවතෙහි
පුංචි ඉඩක ලැගුම් සොයන්නටය.
සත්තකින්ම
ඔබ මට මගේ ලෝකයයි
ඔබෙ ලොවතුල
මම සුවිශේෂී
නොවන බව දනිමි
නමුදු. ඔබේ සිත තුල
සැරිසරන්නටත්....
මතකයන් අතර ජීවත් වන්නටත්
ඔබ කිසිදා ඉඩ අහුරා නොමැත
අසීමාන්තික බැදීම් අතුරින්
මම තවත් එක බැදීමක්ම පමණි.
මගෙ හුස්ම ඔබ නිසා
අතැර යා නොහැක ඔට
නොඉල්ලාම ලද ජීවිතය
දිනක ආපසු අතැර යන නිසා..

0 comments:

ආදරයට ආදරෙන්.... රෑ සඳ මඩ

මගේ නොවන...

සීතල රැය පුරාවටම
සිහින සිත්තම් කරන
අකීකරු සද....
මන්දාරම අතර සැගව ගොස්
අහස් ගැබ අදුරු කර...
නොපහන් රෑ මැදියමේ
ඉහ අද්දරටම විත්
සිතම උනුහුම් කල
ප්‍රෙමයක මතකය
සිත දවයි නිරන්තර.
සෙනෙහසින් වදන් වැල්
ගෙත්තම් කලා නිතින
පෙම් සුවය තවරමින්
මතක මන්දිරය තුල
හද කුටිය උනුසුම් කල
මගේ නොවන...
මගෙම ආදරය ඔබ.

0 comments:

ආදරයට ආදරෙන්.... රෑ සඳ මඩ

අල්ප කාලයක ජීවිතයට

රත්තරං...,කදුද...,
මැනික් නිදිද..,
නො අඩුව ලැබුනි.
එපමණක් නොවේ..
මිලකල නොහැකි..
පන....හුස්ම..වස්තුව පවා
දායාද ලදිමි..
නමුදු.. මට මාද අහිමි ලෝකයක
හිමිවීම ගැන කවර කතාද....?
අල්ප කාලයක ජීවිතයට
කල්ප කාලයක නවාතැනක් කුමටද?

0 comments:

ආදරයට ආදරෙන්.... රෑ සඳ මඩ

මෙතෙක් ආ මග

අහිමි වූ සියල්ල
මවෙතින් ගිලිහී ගියේ
රැදෙන්නට තරම් වටිනාකමක්
මවෙත නොවූ නිසා බව
නිගමනය කරමි...
නමුදු ශේෂ වූ මතකය
තුලින් උගත් දේ බොහෝය.
වදන් ගලපාලීමට නොහැක
ඒතරම්ම ප්‍රබලය...වටනේය.
ඒ සොදුරු මතකයන්
දිවිහිමියෙන් සුරකින්නට
මසිත මට සපත විය....
මෙතෙක් ආ මග
ලද දායාදයන් නම් අපමණය.
දුක, සතුට, වේදනාවන්
උරුමයන් විය...
ඒ අතුරින්

0 comments:

ආදරයට ආදරෙන්.... රෑ සඳ මඩ

සමනල සිහිනය

තුන් සිතකවත්
තරහක් නෑ සබඳ
හැර ගියාට මසිත
ලැගුම් දුන්නේ
පෙම් සිහින මැද
අතැර යන වග
හොදින් දැන ගෙන
සිත්තම් කරලූ
සමනල සිහිනය
දේදුන්නක පාට අරගෙන
දැනන් උන්නා හොදාකාරව
බොද කරන බව
නිමකරන්නට පෙරාතුවම.
රැගෙනවිත් සිහිනයන්
නිරන්තර...
ගෙන ගියා මා
පෙම් සැදැල්ලක
අතරමං කර
නොඑන දේශෙක
ඔබ ගියා යලි
හැරී නොබලම

0 comments:

ආදරයට ආදරෙන්.... රෑ සඳ මඩ

මම බලා හිදින්නම්

කවුලුව අතුරින්
හිනැහෙන සරා සදේ...
ඔබට මගේ සිත
පෙම් කරනා තරම්
මට හිතා ගන්න වත් නොහේ..
තරු කැට් වටකොට
හිනැහෙන විට ඔබ
නෙතු නොපියා
මම බලා හිදින්නම්
සංසාර පුරුද්දක් සේ.
හිරුට පෙම් බදින
ආඩම්බර සදවතියේ
මම... ඔබට පෙම් කරමි
සදා නොමියෙනා ලෙසේ..,

0 comments:

ආදරයට ආදරෙන්.... රෑ සඳ මඩ

ලද දායාදයන් නම් අපමණය.

අහිමි වූ සියල්ල
මවෙතින් ගිලිහී ගියේ
රැදෙන්නට තරම් වටිනාකමක්
මවෙත නොවූ නිසා බව
නිගමනය කරමි...
නමුදු ශේෂ වූ මතකය
තුලින් උගත් දේ බොහෝය.
වදන් ගලපාලීමට නොහැක
ඒතරම්ම ප්‍රබලය...වටනේය.
ඒ සොදුරු මතකයන්
දිවිහිමියෙන් සුරකින්නට
මසිත මට සපත විය....
මෙතෙක් ආ මග
ලද දායාදයන් නම් අපමණය.
දුක, සතුට, වේදනාවන්
උරුමයන් විය...
ඒ අතුරින්

රත්තරං...,කදුද...,
මැනික් නිදිද..,
නො අඩුව ලැබුනි.
එපමණක් නොවේ..
මිලකල නොහැකි..
පන....හුස්ම..වස්තුව පවා
දායාද ලදිමි..
නමුදු.. මට මාද අහිමි ලෝකයක
හිමිවීම ගැන කවර කතාද....?
අල්ප කාලයක ජීවිතයට
කල්ප කාලයක නවාතැනක් කුමටද?

0 comments:

ආදරයට ආදරෙන්.... රෑ සඳ මඩ

ඔබ නිදයි උනුහුමට

සදවතිය සැගවීලා
හිරු ඇහැරෙන්න කලියෙන්ම
පිනිබිඳු ව්යැකිලා
හිරුගේ උනුහුමින්
අරුනැල්ල ගෙට ඇවිත්
මගෙ සිතම අවදියෙන්
තුරුලතා හිනැහෙනවා
හිරු රැසින් නැහැවෙමින්
මිහිතලය ජිවයෙන්
පණ් ලබයි සොම්නසින්
පහන් රැය පුරාවට
දොඩමළුව සෙනෙහසින්
ඔබ නිදයි උනුහුමට
පපුතුරේ හිස හොවන්
හිමි නොවන සිහිනයක්
ලස්සනට හැඩ කරන්
ගෙත්තමක් වියන්නෙමි
සිතුවිලිත් ගලපමින්
අවසනක් ඇරඹුමක්
නොවූ පෙම සිත දරන්
හැමදාම හඩන්නම්
මතකය තුරුලට අරන්,.

1 comments:

ආදරයට ආදරෙන්.... රෑ සඳ මඩ

සියල්ල අතැර ගියද..

මා තරම් අන් කිසිවෙකු
ඔබට පෙම් නොකරනු ඇතැයි
මසිත මට කියයි..
නමුදු ආදරය සොයා යන ගමනේ
මගෙ ආදරය ඔබට නොදැනුනේ
මගේම වරදින් වන්නට ඇත.
නමුදු දිනක ඔබට වැටහේවි
සියල්ල අතැර ගියද..
අවසානයේ ශේෂවූ මතකයන් තුල
මගේ මතකය ඉතිරිවී ඇති වග.
මග බලමි
උදාවන තුරා
ඒ ආත්මීය හෝරාව...

0 comments:

ආදරයට ආදරෙන්.... රෑ සඳ මඩ

දිවිතුරා ලග ඉන්න

ඔය නෙතග පැටැලවුන
මුල්ම දින අදවගේ
තවම සිත තිගැස්සෙයි
නෙතග බැල්මට ඔබේ
වචන ගෙත්තම් කලා
සිතම කිති කැවෙනසේ
සෙනෙහසින් ලංවුනා
සංසාර පැතුම සේ
දිවිතුරා ලග ඉන්න
හිමි නැතත් සිතූ සේ
හැමදාම පෙම් කලා
මගේ හිමිසද ලෙසේ
මගෙම නොවෙනා නමුදු
ලංවෙන්න පුරුදු සේ
මගෙම වී උපදින්නට
පතන්නම් මතු බවේ

0 comments:

ආදරයට ආදරෙන්.... රෑ සඳ මඩ

ඔයාගෙ හැම හුස්මකටම

ඔයා දන්නවාද..?
මට ඔයාව කොයිතරම්
වටිනවාද කියල..
මගෙ ජීවිතයටත් වඩා වටිනවා..
ඔයා මට මගෙ ජිවිතය හොයල දුන්නා...
යා යුතු මග කියල දුන්න.,
මහ සයුරක අතරමං වුන මට
දියබට එන්න පාර කියන
පහන් තරුව වුනා...
පාලුව වෙලාගත් සිත් අහසම
එකලු කල සරා සද වුනා...
ඒත් නෙලා ගන්න බැරි
උඩවැඩියා මලක් වුනා..
ඔයා දන්නෙ නැතුව ඇති
ඔයාගෙ හැම හුස්මකටම
මම පෙම් කල වග.,
සත්තකින්ම... යන්නට හැකිය මට
ලෝකයේ අවසන් හිනිපෙත්තටම
දකින්නට ඔයාගෙ සතුට,
මගෙ හුස්ම පවා උගස් කර

0 comments:

ආදරයට ආදරෙන්.... රෑ සඳ මඩ

හඹා එන්නම් සසර පුරාවටම...

ආදරය අහස තරම් යැයි
නොකියමි මම.,
මන්ද අහස ඇසුරු සැනින්
වෙනස් වන නිසා.,
මහ සාගරයට සම නොකරමි
ආදරය...
මංද සැනින් රළු වී
සුනාමියක් වුව
ගෙනෙනා නිසා,..
මිහිතලය වෙන්නම් මම
සියල්ල දරන්නට
සවිය ඔබ නිසා...
මිරිගුවක්ම වන්න ඔබ
හඹා එන්නම් සසර පුරාවටම
ලංවිය නොහැකි නිසා.,
නමුදු ආදරෙයි...අනන්තය සේ
සීමා මායිම් නොමැති නිසා...

0 comments:

ආදරයට ආදරෙන්.... රෑ සඳ මඩ

මම තවම ආදරෙයි

සද කුමට මගෙ ලොවට
ඔබයි මගෙ සද මඩල
තරු කුමට මගෙ ලොවට
තරු නෙතුය ඔබ මෙමට
වැටෙන හැම හුස්මකම
ඔබ රැදුන නිරන්තර
අවතැන් සිහින මැද
ඔබෙ මතක තවම ඇත
මම තවම ආදරෙයි
අහිමි වූ මතකයට
උනුහුමයි සිත මෛ
ඔබ උන්නු තැන තවම..

0 comments:

ආදරයට ආදරෙන්.... රෑ සඳ මඩ