හඹා එන්නම් සසර පුරාවටම...

ආදරය අහස තරම් යැයි
නොකියමි මම.,
මන්ද අහස ඇසුරු සැනින්
වෙනස් වන නිසා.,
මහ සාගරයට සම නොකරමි
ආදරය...
මංද සැනින් රළු වී
සුනාමියක් වුව
ගෙනෙනා නිසා,..
මිහිතලය වෙන්නම් මම
සියල්ල දරන්නට
සවිය ඔබ නිසා...
මිරිගුවක්ම වන්න ඔබ
හඹා එන්නම් සසර පුරාවටම
ලංවිය නොහැකි නිසා.,
නමුදු ආදරෙයි...අනන්තය සේ
සීමා මායිම් නොමැති නිසා...

0 comments:

ආදරයට ආදරෙන්.... රෑ සඳ මඩ