සිත පතුලෙම

ඔයා රෑ පුරාවටම
අරන් ආපු හීන
මගෙ හිතට පණ පොවනවා..
පුංචි මල් තුහින
හිත අවතැන් කරනව
මගේ වෙලා
මගෙ ලගට වෙලා
සිත පතුලෙම
තැවරූ ආදරය
ජීවිතය ජීවත් කරවනවා
ආදරයකට පුලුවන්
ජීවිතය හදන්න වගේම මකන්නත්.
හෙට ගැන පැතුම් නෑ මට
ඒත් මගෙ හිතට දුකක්
නොදෙන බව විශ්වාසයි...

0 comments:

ආදරයට ආදරෙන්.... රෑ සඳ මඩ

ඉතින් අවසර දෙන්න...........

දගකාර ඔබෙ කතා
අකීකරු සිතුවිලි පවා
සෙනේබර පන්හිඳට
වාරුවෙයි නිරන්තර
ලියන හැම වදිනකම
මැවෙන පෙම් කතන්දර
ඔබ වටා ගෙතෙන බව
ඔබ හොදාකාරව දනී
අහිමි බව දැන දැනම
ඔය හිතට ලං වෙලා
විදින දුක් වේදනා
අකීකරු සිත දනී
හැර යන්න බැරි ලෙසම
ඔබේ ලග තව රැදෙයි...
ඉතින් අවසර දෙන්න
ඔබෙන් සමුගෙන යන්න..
ඔබෙ සිතින් ඉවතලා
හැරයන්න පෙරාතුව..,

0 comments:

ආදරයට ආදරෙන්.... රෑ සඳ මඩ

නිහඬ වුනෙමි....

හිමි අහිමි ලෝකය තුල
විදින විදවන ජීවිතය
මට අරුමයක් නොවේ.
මංද
අහිමි සියල්ල මා අතැර ගියද
හිමිවූ අතලොස්ස
ඉමහත් ආදරයෙන්
මා වැලදගත් නිසා...
අහිමි වු සියල්ල
නෙතු අභියසම
අපා දුකක් වූ කල
දෛවයේ සරදමට ඉඩදී
නිහඬ වුනෙමි....
නමුදු දෝතින් වැලදගත්
ඔබත් ඔබේ ආදරයත්
හිමිද,? අහිමිද... යන්න
මට නොහැගේ...
අහිමිවූ සියල්ල අතුරින්
හිමිකම කියනා ඔය හිත
අහිමි වන බව දනිමි..
මගෙම නොවන බවද දනිමි..
ඒත් මෙතරම් රිදවන්නේ
මන්දැයි තවමත් සොයමි...

0 comments:

ආදරයට ආදරෙන්.... රෑ සඳ මඩ

එක හීනයකි රැය පහන් නොවුනට

ජීවිතය මට ලබාදුන් දේ
මම ආදරෙන් ලංකර ගත්තා.
උදුරාගත් දේ යන්න ඇරලා
මම නිහඬ වුනා...
අල්ප කාලයක් තුල
හිමිවී අහිමිවන බොහෝ දේ.
කල්ප කාලයක මතකයක්
හදවතේ නිදන් කරනවා....
අපි හබා යන ආදරය
අපිව අතෑරලා යන්නෙ
හිතාගන්න බැරි විදිහට..
මහ ගොඩක් හිතට දැනුනට
අහම්බයක් කියලා
කියාදීලා යනවා.
රැය පහන්කල
තවත් එක් නවාතැනක් බව
සපත කරනවා..
එක හීනයකි රැය පහන් නොවුනට
හිත අම්බලමක් කර ගන්නවා..
නොපහන් රැය පුරාවටම
ඉතිරි කල මතක
ආපහු නොගෙනම
යන්නට යනවා..
ඇයි දන්නවද..?
දවසක හෘදසාක්ශියට
දායක කර ගන්න...
තාවකාලික ජීවිතය තුල
ප්‍රෙමයද සදාකාලික
නොවන බව
මට කියාදී
ඔබ ඈතක ගියා..

0 comments:

ආදරයට ආදරෙන්.... රෑ සඳ මඩ

ඔය ඇසදෙක දුටුව දාට....

පුංචි පුංචි හින ගොඩක්
හිත පතුලෙම පෙල ගැහෙනවා
ඔය හිත ලග නවතින්නට
පුංචි ඉඩක් මම හොයනවා..
කෝල සිතුම්..
ආල හැගුම්
හුස්මත් මගේ හිරකරනවා..
ඔය ඇසදෙක දුටුව දාට
සත්තකින්ම මම අඩනවා...

0 comments:

ආදරයට ආදරෙන්.... රෑ සඳ මඩ

ජීවිතයම අවතැන් කල

දම්පැහැ අහස් කුස
චමත්කාරයි දකින්නට..
පෙලින් පෙල හැපෙන රල
සිපගනී වෙරළ
අතොරක් නැතිව..
මලින් මල රොන් උරමින්
දගකරන සමනල් කැල
පියබා ගිහින් වෙන අහකට
මල් යායම මිලින කර..
මුකුලිත වන නෙක පියුම් දැක
සරයි සුවදට පෙම් කරමින..
ඉතින් දවසක මිහිදන් වන
ජීවිතයම අවතැන් කල
ප්‍රෙමයක් තව කුමටද..
සැනසුමක් සිත නොදකින.

0 comments:

ආදරයට ආදරෙන්.... රෑ සඳ මඩ

සුසුමක උනුහුමක්..

මහා ගොඩක්
හිත රිදුනම
මම නිහඬ වුනා
ගොඩාක්ම නිහඬ වුනා
ඒත් දැවෙන හිත
නිවන්නට නම් බෑ
මුහුදු හතක ජලයෙන් වත්.
එහෙත්...
ඔබෙ එකම වදනක්..
නෙතග රැදි සෙනෙහසක්...
සුසුමක උනුහුමක්..
සුවපත් කරාවි
මගේ මුලු ආත්මයම....

0 comments:

ආදරයට ආදරෙන්.... රෑ සඳ මඩ

ඔබේ මතකයන්....

මහමෙරක් වන් දුකක්
සිත මත දරන්නට
දිරිය තිබුනද...
ගිනි කන්දක් දෙදරනා සේ
නෙතගින් ගලනා කදුලු
නවතාලන්නට මට නොහැකි විය..
මසිත තවමත් ස්පන්දනය වේ...
හුස්ම වැටෙනු දැනේ..
ඔබේ සුවද දැනී නොදැනී යයි.
මසිතෙහි ඔබ උන්නු තැන
තවමත් උනුසුම්ය..
ඔබේ මතකයන්
අදටත් මා අවදියෙන් තබයි.

0 comments:

ආදරයට ආදරෙන්.... රෑ සඳ මඩ

හිරුම නේද........

කාටවත්ම නොකියා
සිත තුලම ගල්වුන සිතුවිලි
ආදරනීය හිතක් ලග
දිගෑරෙන්නෙ...
බලාපොරොත්තු රැසක් ගුලි කරන්...
මියගිය හදවත ආයෙමත්
ජීවය ලබන්නේ
ප්‍රෙමය හදවතට කතා කරද්දි.
නමුත් හිම දිය කරන
හිරුම නේද..
මැටි තද කරන්නෙත්

0 comments:

ආදරයට ආදරෙන්.... රෑ සඳ මඩ

ඔයාට තදින්ම දැනුනා......

අවරගිර අහස රත්පැහැ වෙලා
හිරු සමුගන්න සුලූ මොහොතක්
ඉතිරි වෙලා...
ඔයා ලගින් ඉදන්
මම උරිස්සට වාරු වුනා
ඔයාගෙ සිතුවිලි ඈතක ගිහින්
වේගයෙන් උස් පහත් වන පපුතුර
හිතේ නොසන්සුන් බව කීවා..
මම ඔයාගෙන් ඈත් වුනා.
ඔයාට දැන් මාව දැනෙන්නේ නෑ.
ගව් ගනනක් ඈතක හිටියත්
ඔයාට මාව දැනුන කාලයක් තිබුනා..
මගේ හුස්මක වෙනසක් පවා
ඔයාට තදින්ම දැනුනා..
ඒත් හැමදෙයක්ම අද සිහිනයක්
ගරාවැටුණු මතකයක් විතරමයි...
ආපහු යන්න.
හැරී නොබලාම යන්න....
ඉන්න තැනක සතුටින් ඉන්න.
මගෙත් ආයුගෙන...
හැමදාම ජීවත් වන්න..

0 comments:

ආදරයට ආදරෙන්.... රෑ සඳ මඩ

ඔබ තමයි මගේ ජීවය

නොනිදා පහන් කල
රැයකි සිත සුවපත් කල..
සදත් නෑ හිනැහෙන
තරුත් නෑ මග බලනට..
ඔබ ඇවිත් මගෙ හිත ලග
දහසකුත් පෙම් කතන්දර.
අතීතය අප එක්කල
අදත් දැනෙනවා සිත තුල
මතකයන් එක්තැන් කල
සොඳුරු ප්‍රෙමයයි ඔබ මට.
ගියද මාගෙන් සමුගෙන
නිහඬ බව උරුමය කර..
දනිමි ඔබ හදපතුලෙම
සිටින බව නිරන්තර..
ගියත් ඈතක පියමැන
ඔබ තමයි මගේ ජීව ය
උපන්නොත් යලි බවයක
නෙතු මානයේ රැදෙන්නට...

0 comments:

ආදරයට ආදරෙන්.... රෑ සඳ මඩ

සමනල සිහිනයක..

සීතල උදෑසන
අවදි වූ සැනින්
නෙතු පෙනෙන මානයේ
වැහි අදුර වෙලා ගෙන
සිත තවත අලස කර
ආයෙමත් ගුලි වුනා
පුතු නිදන යහන මත
සුව නින්දෙ ඔහු නිදයි
සමනල සිහිනයක..
ලොබ සිතුනා මටත්
තුරුලෙන් ඈත් වෙන්න්

0 comments:

ආදරයට ආදරෙන්.... රෑ සඳ මඩ

ලග රැදුණු උනුහුම

ලියන්නට බොහෝ දේ
සිත තුලම පෙල ගැසෙයි
සිතුවිලි පන්හිඳත
පද ගෙත්තම් කරයි.
මල් තුහින සේ දැනෙන
සෙනෙහසක සිසිලසක්
හිතම හිරිවට්ටමින්
පන්හිඳට වාරු වෙයි.
ලග රැදුණු උනුහුමත්
හීනියට මෝදු වෙයි...
පපුතුරෙහි සැගවෙන්න
ආයෙමත් මට සිතේ..

0 comments:

ආදරයට ආදරෙන්.... රෑ සඳ මඩ

ඒත් මම ආදරෙයි

නෙතු අබියස මගෙම වූ ඔබ
පියවරින් පියවර ගියා
නෙතු මානයෙන් ඈතකට..
නොදුටුව හෙට දිනට
හීන කැන්දන් ආවට
හීනයකවත් නොඑන්
විරසකව මා සමග
ඒත් මම ආදරෙයි
ඔය හිතට හැමදාම
සොයා දුන් නිසා
ගිලිහුණු ජීවිතය...

0 comments:

ආදරයට ආදරෙන්.... රෑ සඳ මඩ

හාදුවක උනුසුම

හාදුවක උනුසුම
දෙතොලගට තැබුව දින
අදත් මට දැනෙනවා
බොද වෙච්ච සිහින මැද
නෙතුපියා මෙනෙහි කල
විසිර ගිය මතකයක්
සිතුවිලි ගොනුකලා
ඔබ දුටුව නිමේෂය...
ලග ඉන්න පිං මදිව
හැර ගියද අතරමග
ලග ඉන්න දෙනවාද
සංසාර පුරුද්දට....

0 comments:

ආදරයට ආදරෙන්.... රෑ සඳ මඩ

ඔයා මගේ ජීවිතේ...

ඉක්මනින් කේන්ති යන්නෙ
සංවේදී හිත් වලට
සැනෙකින් ආපසු එන්නෙ
නොදරුවෙකු විලාසෙට
ඔයත් ඒ වගේමයි...
අහිතක් හිතුනෙ නෑ මට
දුකක් නොසිතූනත් නොවේ..
ඒත් අපිට දැනෙන ආදරය වගේම
හිතට දැනෙන කේන්තියත්
අපිට උරුමයෙන්
පෙන්නන්න පුලුවන්
අපි ගොඩක් ආදරය කරන
කෙනෙක් ලග විතරමයි..
ඉතින් කොහොමද
මම තරහ වෙන්නෙ
ඔයා එක්ක....
ඔයා මගේ ජීවිතේ...
මොනතරම් හිත රිදුනත්
මගෙ හිත හැමදාම නැවතුනේ
ඔය හිත ලග..
සත්තකින්ම..

1 comments:

ආදරයට ආදරෙන්.... රෑ සඳ මඩ

ඔබ ඉවත ගිය දවස...

ගැහැනියක් මමත්
ලේ නහර අවදි වන
සිතුවිලිත් අවනතයි
ප්‍රේමයේ උනුහුමට..
හිම මිදෙන සීතලක
අවතැන් කර මසිත
ඔබ ගියා නොකියාම
උනුසුමක් සොයා ගෙන..
මගෙ සිතම මුලාකර
ඔබ ඉවත ගිය දවස
වින්ද දුක් අපමණයි
බිදුනු සිත හදාගන්න..
විදින්නට.,.. විදවන්ට
සිතක්වත් නොමැත අද....

0 comments:

ආදරයට ආදරෙන්.... රෑ සඳ මඩ

මගේ අරමුණට

සිත අමුතුම මිහිරියාවකින්
පිබිදෙනු දැනේ.
අවිහින්සක ආඩම්බරයක්
මසිත කුල්මත් කරයි.
දෙනෙත් අදහාගත නොහැක..
මවෙතින් ගිලිහුණු ජීවිතය
සොයා දුන් ඔබම.
මගේ අරමුණට
පෙරවදනක් එක්කරලූයේ
ඔබේ ශ්‍රෙෂ්ඨත්වය
තව දුරටත් ඔප්පු කරමිනි.
ණයගැතිය මම ඔබට
ජිවිතය පුරාවටම..

0 comments:

ආදරයට ආදරෙන්.... රෑ සඳ මඩ

පහන් පැය වන තුරා

ලා සද මෝදු වූ
නිශායම පුරාවටම
ලය මත සතපවා
උනුහුමෙහි සිත හොවා
සෙනෙහස තැවරූ මතකය
හැම රැයකම අවදි වේ...
අතොරක් නැතිව
තෙපලූ පෙම් වදන්...
සිත පුරා දගකරයී
සිතුවිලිත් අවදියෙන්...
මැදියමත් ගෙවී ගොස්
පහන් පැය වන තුරා
නින්දත් නොනින්දත් අතර
මම තවමත් අවදියෙන්

0 comments:

ආදරයට ආදරෙන්.... රෑ සඳ මඩ

අනාරාදිතව...

ඔබ ලගින් හිද
දොඩමළු වන්නට
සිත පෙරුමන් පුරන
හැම නිමේෂයකම
නොකියාම ඈතක යයි..
තනිකම තුරුලු කරන්
නිහඬ වන්නට
වෙර දරන කල
අනාරාදිතව...
ඔබ මවෙත එයි...
අරුමයකි ඔබ
වටහාගත නොහැකි....

0 comments:

ආදරයට ආදරෙන්.... රෑ සඳ මඩ

හිත ලග...

හීතල හිරිකඩ
කවුලුවෙන් ඇතුළු වෙන්නෙ
හිතම හිරිවට්ටමින්
අසෙනිය මල් සුවද
මද පවනෙ දගකරයී
සිතුවිලිත් අවතැන් කරමින්..
අනවසරයෙන් ඇතුළුවන
සදකැන්...
වලාකුලක මුවා වෙලා..
පුංචි දුකක් දැනුනාට
තනිකමක් නෑ මට..
කවිකමට පන පොවන
සිතුවිලි පන්හිඳයි...
මතක මන්දීරයයි..
හිත ලග...
තනි නොතනියට...

0 comments:

ආදරයට ආදරෙන්.... රෑ සඳ මඩ

හිමි වෙලා අහිමි වුන

මුනගැසෙන ඇසිල්ලක
දොඩමළු වන පැයේ
දෙනෙත් මත පැටලිලා
ආදරය සිත සොයයි..
දෙතොලග නැවතිලා
බිදක් සෙනෙහස ගන්න
නොසිතූනාමත් නොවේ..
එහෙත් බෑ ලංවෙන්න
උනුසුමෙහි දැවටෙන්න
හිමි වෙලා අහිමි වුන
ඔයා මට හීයකක්
හිත ගාව දගකරන
සංසාර හීනයක්...

0 comments:

ආදරයට ආදරෙන්.... රෑ සඳ මඩ

දැවී අලුවී ගියත්

රිදුන සිත පාරවන
සෙනෙහසක මතකයන්
සිතට විත් නිරන්තර
නෙතග කදුලක් රැදෙයි
ජිවිතය පුරාවට
වේදනා නිම් තෙරක
හැපී වැලපෙන සිතට
නිවනක් නම් නොවෙයි...
ඒත් සිත හැමදාම
පෙම් කලේ ඔය හිතට
දැවී අලුවී ගියත්
සිත සදා ඔබ ලගම

0 comments:

ආදරයට ආදරෙන්.... රෑ සඳ මඩ

යලි එයිද,.,?

අහම්බෙන් ඔබ දුටිමි
දෙනෝදාහක් මැද
එහෙත් නෙතු මග හැරුනි
තිගැස්සුනි තුන් සිතම
පෙරදාක ලග ඉදන්
වරු ගනන් දොඩමළුව
කියූ පෙම් කතන්දර
මතකයට එකතු කර
ඔබ ගිහින් බොහෝ දුර
මතකය ලය හොවන්
මග බලමි...
යලි එයිද,.,?
ඒත් අන්සතු සිතක
නවතින්න ඉඩ දෙයිද...?
අසම්මත කතාවක
සෙනේ සිත පැටලෙයිද..?
ඔබෙ පෙම් සිත ගාව
යලිත් මා අසරණ වෙයිද..?

0 comments:

ආදරයට ආදරෙන්.... රෑ සඳ මඩ

නෙතු කදුලු බොද කරයි

බෝමළුව පුරාවට
ඇවිද යන සැමදෙනා දෙස
නෙතු නොපියා බලා ඉමි.
පැතුම් මල් එක්කරන්
මල් පුදයි සමිදුන්ට
පහන් වැට දැල්විලා
තෙල් සුවද පැති රෙද්දී
පහනක් දල්වන්න
මටත් නොසිතූනා නොවේ..
ඒත් සිත රිදුම් දේ
නෙතු කදුලු බොද කරයි
සුලං කපොල්ලක දැවෙන
ජීවන පහන සිහිවී..

0 comments:

ආදරයට ආදරෙන්.... රෑ සඳ මඩ

ඒ නිහඬ බව මගේ වෙලා

ඔයාගෙ නිහඬ බව
මට ගොඩක් රිදෙව්වා
ඒත් කාලයත් එක්ක
ඒ රිදුම් විසිරිලා ගියා
බොල් අහසට
මම දැන් සතුටින්
ඒ නිහඬ බවට
මම ආදරය කල නිසා
කාලයාගේ ඇවෑමෙන්
සියල්ල වෙනස් වන බව
ඔයා මට කියලා දුන්නා.
ඒ නිහඬ බව මගේ වෙලා
මගේ උරුමය වෙලා.
රිදෙන්න හිතක් නැති තරමටම
මම නිහඬ වුනා....

0 comments:

ආදරයට ආදරෙන්.... රෑ සඳ මඩ

මෙය මගේ කතාව නොවේ

මේ මා තබන අවසන්
සටහන් වන්නට පුලුවන..
නොවන්නටත් පුලුවන.
කප්පරක් දුක
සිතෙහි දරාගෙන
මහමෙරක් මතකයන්
පොදි බැද ගෙන...
සියල්ලටම සමුදී
ඉවත යමි...
නිහඬවිය යුතු තැන්හී
නිහඬවිය යුතුවා මෙන්ම..
නවතා දැමිය යුතු ඇසිල්ලේ
සියල්ල අතැර දැමිය යුතුය.
මෙය මගේ කතාව නොවේ
ඔබෙ කතාවද නොවන්නටද පුලුවන.
නමුදු.
ඔබ හෝ මම මෙහි නැතැයි
මට කිව නොහැක..
කෙදිනක හෝ යලිත්
ඔබ මා හමුවේ නම්
එදිනට...
ඔබෙ සතුට පමණක් දකින්නට
පෙරුමන් පුරමි..
උප උපන් හැම ආත්මයකම
ඔබෙ දෙපාමුල
මගේ පුදසුන වේවා යැයි
පාරමීදම් පුරමි..

1 comments:

ආදරයට ආදරෙන්.... රෑ සඳ මඩ

කදුලු බොද කර.

පහන් සිතක් තුල
ලැගුම් ගන්නට
පැතූ පැතුමන්
එකිනෙකා මිලිනව යද්දී
මගේ සිත කඩා වැටුනා
නෙතු පුරා
කදුලු බොද කර.
නමුදු..
සිනාසෙමි මම
ලොවට පෙනෙන්නට
ඔබ හැර ගිය තැන
මා සතුටින් බව.

0 comments:

ආදරයට ආදරෙන්.... රෑ සඳ මඩ

ප්‍රෙමයයි ඔබ...

සද සේ නිකැලැල්
රැය සේ නිසසල
පිනි සේ පිවිතුරු
ප්‍රෙමයයි ඔබ...
නෙලුම්පතක රැදි
පිනි බිදුව සේ
ඈත දිස්වන
මිරිගු දිය සේ
හබායයි මගේ
සිත නිරන්තර
අනන්තය ඔබ බව පසක් කර.

0 comments:

ආදරයට ආදරෙන්.... රෑ සඳ මඩ

කවදාවත්ම වෙනසක් නෑ

ආදරය කියන්නේ
කාලෙන් කාලෙට් වෙනස් වන
මෝස්තර කලාවක් නෙමෙයි.
පරිත්‍යාගයක්...
හදවත පතුලේන්ම පූදින
අපිරිමිත බැදීමක්...
මම ඒක තේරුම් ගත්තේ ඔයාගෙන්.
සත්තකින්ම...
ඔයාගෙ ආදරය
මට ගොඩක් දේ
ගෙනත් දුන්නා.
බොහෝ දේ ඉගැනුවා.
නමුත්..
මම කොහොම කියන්නද
මට මගේ හුස්ම පොද
අහිමි වුනා කියලා.
ඒත් ආදරය
කවදාවත්ම වෙනසක් නෑ.
හැමදාමත් ඔයා
මට ආශිර්වාදයක්......

0 comments:

ආදරයට ආදරෙන්.... රෑ සඳ මඩ

මං විවර කර

අතැර යන්න නම්
පෙම් කලේ ඇයිද මට.
සිතුම් පුබුදුවා
අසරණ කලා මසිත
නොදුටු ලොවකට
මං විවර කර
අවතැන් කලා මගෙ ජීවිතය.
සුසිනිදු පහසක
සිත වල්මත් කර
සැගවී යන්නට
සැහැසි වුනේ කිම...
ඔබ අමතක කල
අතීත සැමරුම්
සිත තුල සැමදා
නිදන් ගතව ඇත.
සිත් පිත් නැති සේ
අතැර ගියත් ඔබ
හර්දසාක්ශිය ඔබ රිදවනු ඇත.

0 comments:

ආදරයට ආදරෙන්.... රෑ සඳ මඩ

පහස සොයන්නෙමි

සසල සිතුවිලි
නිසල කරනට
ඔබෙ නුවන් මත
බවුන් වඩනෙමි.
සීතල හදවත උනුසුම් කරනට
ඔබෙ පපුතුර මත
හිස සතපන්නෙමි.
සිනිඳු දෙතොල මත
දෙතොල් තද කරන්
පිපාසිත සිතට
පහස සොයන්නෙමි.
නින්ද නොඑන රෑ
පහන් වන තුරා
තරුවක් වී
ඔබ ලගම හිදින්නෙමි.

0 comments:

ආදරයට ආදරෙන්.... රෑ සඳ මඩ

ඔබ ඔබගේ ජීවිතයට

ඔබ ඔබගේ ජීවිතයට
වටිනාකමක් දෙන්න
එවිට ඔබගේ ලබැදියන්
ඔබට වටිනාකමක් රදවාවි.
ඒත් හැමදාම
ඔයාගෙ වටිනාකම ගැන
හිතපු මට
මං ගැන හිතන්න අමතක වුනා.
ඒ නිසා වෙන්න ඇති
ඔයාට මගේ වටිනාකම නොදැනුනෙ.
කවදාවත්ම නොදැනේවි.
ඒත් දවසක ඔයාගෙ
හර්දසාක්ශිය ඔයාට කියාවි.
මේ ලෝකෙ මම තරම්
කිසිම කෙනෙකු
ඔයාට ආදරය නොකල වග..
ඒත් ඒක අහන්න තරම්
මම බාග්‍ය්වන්ත නොවේවි.
මේ බවයෙ කල පිං මද නිසා...

0 comments:

ආදරයට ආදරෙන්.... රෑ සඳ මඩ

හිතට මගෙ බර වැඩී

සදේ තනියට
දහසක් තරු පොකුරු
සිතේ තනියට
ඔබගේ මතකයන්
හිමි අහිමි දිවිය තුල
විදින විදවන ආදරය
මේ සියල්ල අබියස
හඩාවැටෙන ආත්මය
හිනැහෙන්න වෙර දරද්දි
ඇද හැලෙන කදුලු බිදු
තවත් ඉවසනු නොහැක
හිතට මගෙ බර වැඩී
මගේ යැයි කියන්නට
කිසිවක් මවෙත නැත.
පරාජිත ජීවිතය
දෙපාමුල ශේෂ විය.

0 comments:

ආදරයට ආදරෙන්.... රෑ සඳ මඩ

මාද දිනක සමුගනු ඇත..

මම ඔබෙන් ආදරය ගැන
විමසූ හැම කල්හිම
ඔබ මගෙ ඉවසීම ප්‍රගුණ කරලීය.
ඉවසීම කල් ඉකුත් වෙද්දී
මම නැවත යාවත්කාලීන කරමි.
ඉන් උරනවන ඔබ...
කාලානුරූපිත රෝග
සුවකළ නොහැකි බව
අවධාරණය කරයි..
දිනක ඔබ ලතවේවි
මංද
ඔබ මා අතැර ගියා සේම.
මාද දිනක සමුගනු ඇත..
ඔබෙන් නොව.,
මගේ ජීවිතයම පිලිකාවක් කල
මේ මුලු මහත් සමාජයෙන්.

0 comments:

ආදරයට ආදරෙන්.... රෑ සඳ මඩ

ඔබ

ඔබ
පැනයක්ද?
පිලිතුරක්ද?
මසිත අසයි....
මගෙ ජීවිතයටම පිලිතුර වූ ඔබ
අද නෙතු අබියස..ප්‍රශ්නාර්ථයකි...
එහෙත්
ඔබ මට ඇවැසිය
කුනාටුවක් වූවද..
සුනාමියක් වූවද
ඔබ මට සදඑලිය සේ පිවිතුරුය..

0 comments:

ආදරයට ආදරෙන්.... රෑ සඳ මඩ

ඒත් ඔබ සිහිනයක්

එකම එක වතාවක්
එක නිමේෂයක්
ආසයි දැක ගන්න
එනවාද හමුවන්න.
දෙනෙත් මත පැටලෙමින්.
වදන් වැල් ගොලුකරන්
ලය මතට හිස හොවා
මොහොතකට තනිවෙන්න.
සිත පතුලෙ සගවාගත්
අවදිවන සිතුවිලිත්
නිහඬ කර හිදින්නෙමි
පපුතුරෙහි හිස හොවා
උනුසුමෙහි දැවටෙන්න.
ඒත් ඔබ සිහිනයක්
ඉටුනොවන සිහිනයක්
ජීවිතේ පුරාවට
අහිමි වූ මතකයක්.

0 comments:

ආදරයට ආදරෙන්.... රෑ සඳ මඩ

පැමිණි මග

අතැර ගොස් බොහෝ කල් වුව
ආපසු යන්නට
මාවත අමතකව
මම තවමත්
ඔබ හැරගිය තැනමය.
ආපසු යා නිහැක
පැමිණි මග
දුර වැඩිනිසා
ඔබ ගිය මග යා නොහැක
අනන්තය නිසා.
මග බලමි
උන් තැනම
දෛවයේ සරදමට ඉඩහැර
තුන් සිතම අවතැන් නිසා.

0 comments:

ආදරයට ආදරෙන්.... රෑ සඳ මඩ

ස්පන්දනයක මතක

සිහිනයක ඔබ ඇවිත්
සිත පුරා දගකරයී
සොඳුරුවූ සිහිනයෙන්
අවදිවන්නට ලොබ සිතෙයි.
නොහැකි කල ඔබ රදවා ගන්නට
පියවි ලොව මා ලගිනම
සිහිනයකවත් දැවටී
එනුමැන සබද නිතැතින්.
අමතක කල නොහැකි
ස්පන්දනයක මතක
මහ ගොඩක් ඉතිරිකර
අසෙනිය පිපෙන යාමයේ
හද කුටියට විත්
පිනි පිපෙන උදෑසන
ඔබ සැගව යයි
හිරුට මුවාවී හැමදාකම
මටම වෙන්වූ
මගේ විජිතයෙන්...

0 comments:

ආදරයට ආදරෙන්.... රෑ සඳ මඩ

ඔයාගෙ මතකය

හිරු සැගව යන්නෙ
උනුහුමත් දෝතින්ම අරගෙන.
ලා සද මෝදු වෙන්නෙ
සීතලත් තුරුලු කරන්...
සේපාලිකා මල්වැට
මල්වර වෙලා
කුටිය පුරාවටම
සුවද තවරනවා
කවුලුවෙන් එබෙන සදවත
අදුර තුරල් කරනවා
ඈතින් ඇසෙන රැහැයි හඩ
නිහඬ බව බිදල දානවා..
ඔයාගෙ මතකය
නෙතු අද්දර දහකරනවා...
නුරාවෙන් අවදිවන සිතුවිලි
මසිත අතරමං කරනවා
නොඑන බව දැන දැනම
සිත පැතුම් පොදි බදිනවා
මේ සියල්ල හමුවේ
උරනවන නිදි දෙව්දුව
රහසින්ම ඇවිත්
මසිත වැලද ගන්නවා..

0 comments:

ආදරයට ආදරෙන්.... රෑ සඳ මඩ

මා අතරමං කර.....

සිත් අහස වැසෙන තරමටම
කප්පරක් සිහින ඇතිරූ ඔබ..
සිහින දනව්වක
මා අතරමං කර
සැගව ගොසින් ඈතක...
තවමත් මග බලමි
නොඑන බව දැන දැනම
මගේ ජීවිතය ඔබ නිසා.

1 comments:

ආදරයට ආදරෙන්.... රෑ සඳ මඩ

වෙන හිතකට ලංවෙලා

ලංවුනාට ආදරෙන්
පෙම් කලත් තුරුලට අරන්
තෙපලූ ආදර වදන්
ලෙන්ගතු කම නැතිව නම්
ඇයි කල්‍රේ
මට නපුරු කම්
රිදවුවද සසරේ පුරා
සොයමි ඔබ ලොව තුරා
හෙලන සුසුමන් පවා
මතක මන්මත් කලා
ඉවත හල දා මෙමා
වෙන හිතකට ලංවෙලා
හිතම අවතැන් වෙලා
මමත් මිහිදන් වුනා..,

0 comments:

ආදරයට ආදරෙන්.... රෑ සඳ මඩ

හීයක වේගෙන්..

විසුල අහස මත
දිලෙන තරු කැට
ඈත ඉසව්වක්
සිත රදවයි...
එකම අහස යට
එක සද තරු යට
දෙතැනක සිටියත්
සිත ඔබ ලගමයි..
හීයක වේගෙන්
සිතට ඇතුළුවී
සිහින පිරෙව්වෙත්
ඔබම තමයි..
මගෙ හිත පොඩිකර
තනිකම හුරුකර
සමු දුන්නා තවමත් මතකයි..

0 comments:

ආදරයට ආදරෙන්.... රෑ සඳ මඩ

නමුදු පෙම් කරමි

හැම හුස්මකටම පෙම් කලෙමි
මගෙ ජීවය වූ නිසා...
හුදෙකලාවට ප්‍රිය කලෙමි
මතකය පුරාවට ඔබේ
සෙනෙහස රැදි නිසා
කොතෙක් ඈතක ගියද
දනිමි මුලිනුපුටා දැමිය
නොහැකි බව මතකය..
මායාවක් බව හැගුනි
නමුදු පෙම් කරමි
ඔබෙන් තොර වූ ලෝකයක්
සිතාගත නොහැකි නිසා.,

0 comments:

ආදරයට ආදරෙන්.... රෑ සඳ මඩ

ඔබ සැගව ගියා

ඔබෙත් මගෙත් හමුවීම
අහම්බයකි
නමුදු දැනුනේ කල්ප කාලයක
ලබැදියාවකි....
නමුදු නෙලුම පතක රැදි
දිය බිදුවක් සේ
කවදාවත්ම ඔබ මසිතෙහි
රදවා ගන්නට
උත්සාහ නොකලහ...
විලට නෙලුම සේ
ලග ඉන්නට පෙරුමන් පිරුවද..
අහසට මිහිතලය නොපෑහෙන බව
පසක් කලා ඔබ..
දහසක් තරු නෙතු අතර
ඔබ සොයන්නට වෙහෙසෙන කල
හත්දින්නත් තරු පොකුරක
ඔබ සැගව ගියා
සිතම මිලින කර.....

0 comments:

ආදරයට ආදරෙන්.... රෑ සඳ මඩ

ඔබ ගොසින් ඈතක...

රෑ මැදියම තෙක්ම
දොඩමළුව ලගින් හිද
සෙනෙහසින් සතපවා
නිදිදෙව්දූ තුරුල මත
සමුගත්තා ඔබ නලල සිප...
තිගැස්සී ඇහැරුනා
රෑ තුන්යම දුටු සිහිනයක...
උනුහුමින් ඈත් වී
ඔබ ගොසින් ඈතක...
අන්දකාරය මැදින්
ඔබවම සොයන කල
ඉකිගසන සිත කියයි
ඔබ මගේ නොවන වග...

0 comments:

ආදරයට ආදරෙන්.... රෑ සඳ මඩ

අරුමයකි ඔබ

ඔබ ලගින් හිද
දොඩමළු වන්නට
සිත පෙරුමන් පුරන
හැම නිමේෂයකම
නොකියාම ඈතක යයි..
තනිකම තුරුලු කරන්
නිහඬ වන්නට
වෙර දරන කල
අනාරාදිතව...
ඔබ මවෙත එයි...
අරුමයකි ඔබ
වටහාගත නොහැකි....

0 comments:

ආදරයට ආදරෙන්.... රෑ සඳ මඩ

ඔබේ ලබැදියන්ද...

අමතක කල නොහැකි
අතීතයක් උරුමය
සැමදෙනා සතුබව
අමතක කල නොහැකි සත්‍යයකි..
හැම පිරිමියෙකු තුලම
අමතක කලනොහැකි ගැහැනියක් හා
හැම ගැහැනියකගේම සිත වෙලා ගත් පිරිමියෙකු
ඒ මතකයන් අතර සැගව ඇත...
මම අදටත්
ඒ මතකයන්
සිහි කරන්නේ අපිරිමිත සෙනෙහසකිනි...
එහි සතුට පමනක් නොව
වේදනාවක සේයාද
නැතුවා නොවේ...
නමුදු ඒ තුලම ජීවත්වීම තුලින්
ඔබ ඔබේ වත්මනත් අනාගතයත
අවදානමකට ලක් කරයි.
මංද...හදපිරි මතකයන්
සංසන්දනයට සිත වෙර දරන කල
ඔබට නොදැනීම
ඔබ ඔබෙ සිතත් රිදව ගෙන
ඔබේ ලබැදියන්ද
දුකට පත් කරයි.

0 comments:

ආදරයට ආදරෙන්.... රෑ සඳ මඩ

කවුරුවත් නෑ

ජීවිතේ වැරදුන තැන්
හදාගන්න උත්සාහ කරද්දී
ආයෙ ආයෙත් මට වැරදුනා.
හැමෝගෙම ප්‍රශ්න වලදි
වචනයකින් පවා
මම හැමෝගෙම සතුට ගැන හිතුවෙ
මගෙ සතුට අමතක කරලා

ඒත්
මගෙ සිත කඩා වැටෙද්දී,
මගෙ සිත හඩා වැටෙද්දී
කවුරුවත් නෑ
මගෙ ලග...
දුක හිතුනත්
ඒ ගැන හිතන්
හිතක් නෑ මට...
ජිවිතේ කිසි දෙයක්
බලාපොරොත්තු වුනේ නෑ මම
ජිවිතයම අවිනිශ්චිත නිසා..
මහා රුකක් වෙලා
හෙවන දුන්නාට
වැස්ස පෑයුවාම
හැමෝම යන්න යනවා...
ජීවිතේ මට බොහෝ දේ කියා දුන්නාට,
මම ආයෙමත්
උන් තැනටම ඇවිත් නවතිනවා.,
තැලෙන යකඩයක් වගේ
මම හැමදාම තැලෙනවා.
මුවහත වෙනුවට මම මොට වෙනවා.මගේ හිත මේතරම්ම රිදවන්නේ
මට හිතක් නිසා වෙන්න ඇති...
ඒත් මගෙ මතකය තුල
ඔයා ජීවත් වෙනවා.
හැමදාමත් ඔයා මතකයක් විතරමයි
ඒත් එදා වගේම
ඔයාගෙ හැම හුස්මකටම
මම අදත් ආදරෙයි....

0 comments:

ආදරයට ආදරෙන්.... රෑ සඳ මඩ

හිතට දැනෙන අය

කවදාවත්ම දාලා යන්නෙ
නෑ කියපු අය
නොකියාම යන්න යනවා
රැදෙන්නට වැද වැටෙන අයට
පල නොකියාම පලා බෙදනවා
හිතට දැනෙන අය
හැමදාම ලගින්ම තියා ගන්නවා
මේ දහම තේරුම් ගන්න බැරි හිත්
අන්ත අසරණ වෙනවා.

0 comments:

ආදරයට ආදරෙන්.... රෑ සඳ මඩ