සෙනෙහසින් ලියමි




අසීමාන්තික බැදීම් පිරිවරා 
දිගු ගමනක් යන ඔයාට
අත්වැලක් වන්නට නොහැකි වේවි..
නොගැලපීම් ගලපගන්නට
දරන උත්සාහය
ඊලඟ නිමේශයේ දී

සිත අවතැන් කරයි.
ඉකිගසන හිත ගාව
කදුලකට වැට බදින්න
බැරි වේවි මේ සංසාර ඉම.
ඔබ මගේ නොවන බව
සිතන්නට උත්සාහ කලද
හද පත්ලෙන් උපන්
ලෙන්ගතු කමක් විත්
සිත කීරිගැසෙන තරමට රිදුම් දේ..
බැදීම් දුරස් වන
මීලග නිමේශයේ ම
දුක වාන් දමන සිත
නැවත ඔබලගට විත් ලැගුම් සොයයි....

0 comments:

ආදරයට ආදරෙන්.... රෑ සඳ මඩ