පරිත්‍යාගය ප්‍රේමයම නම්..

කවි කිවිදියන් නිතර ලීවත්
සදට පෙම් බදිනා කතා..
වගක් වත් නෑ සදවතට නම්
තරුවකට පෙම්කල නිසා...

සදට බැදි පෙම සගව ගෙන හිරු..
මියෑදෙනවලු රැය පුරා..
නිශායම දිදුලන සදවතී 
නොදන්නවා දෝ ඒ කතා.....

පරිත්‍යාගය ප්‍රේමයම නම්..
නිහඩකර සිතුවිලි වසා..
කදුල සගවා සිනා සෙන්නම්
මගෙ රිදුම් උකසට තියා.......

0 comments:

ආදරයට ආදරෙන්.... රෑ සඳ මඩ

නුඹ උන්නු මතකයට ..

නිල් අහස් කුස සිඹින..
මගෙ සිතේ පෙම් සිහින..
නුඹ නැතිව නුඹ එක්ක..
වර්ණවත් කලා.මම ...

නුඹ උන්නු මතකයට ..
පන පෙව්ව අතීතෙක..
ශේෂ නටඹුන් මතම
සිත වැලපේ තවම ....

හිතට නිදහස දෙන්න..
මතකයට සමුදෙන්න..
නුඹ සිතින් නෙරපන්න
තවම බැරි වෙලා මට..

දිනක් නුදුරේ ඒවි..
මතකය අමතක වේවි..
හුස්ම අවතැන් වෙලා..
ජීවිතය නිම වේවි.....

0 comments:

ආදරයට ආදරෙන්.... රෑ සඳ මඩ

අදටත් උනුහුම්... ඔයා උන්නු තැන

හිරි පොද වැස්සට
එක කුඩයක් යට..
සරසවි මං මාවත් ඔස්සේ..
රොබෝ රෝසියා 
මල් පලස මතින්
පියවර තැබුවා
පෙර දවසේ....
සීතලව සියොලග
උනුහුම සෙව්වා
වහං වෙලා
ඔය හිත මත්තේ...
අදටත් උනුහුම්
ඔයා උන්නු තැන
ස්නේහයෙන් මගෙ 
හිත පතුලේ ..

0 comments:

ආදරයට ආදරෙන්.... රෑ සඳ මඩ

ප්‍රේමයත් කුදලාගෙන .. නුබ ගිහින් දුර ඈත....

බොහෝසේ වෙහෙසයි මට
ගෙවා ආ කප්පරක් දුර......
වසන්තය පමාවී හෝ
එනවා නොඅනුමානය මට....
ඔද්දල්ව පන අදින සිත
ගැහෙනවා නුඹ නමට තව..
ප්‍රේමයත් කුදලාගෙන ..
නුබ ගිහින් දුර ඈතක ..
ආයෙ නම් එන්නෙපා පන
රැගුම් පා පුරුදු ලෙස..

වසන්තය පමාවී හෝ
වඩිනවා සත්තකින්ම ...මට........

0 comments:

ආදරයට ආදරෙන්.... රෑ සඳ මඩ

නුඹෙම පමණයි...

හීන අහුරක ඇවිත් නවතින..
මතක හිත මත තවරලා..
නෙතග කදුලක් මෝදු වූවා..
ඔය සිනහවේ පැටලිලා.. 

සීත උදයක දුන්නු හාදුව
නුරාතොල් උනුහුම් කලා
පපුතුරේ සැගවී වින්ද පෙම
හිත හිරිවට්ටලා ගිය..

අකීකරු කෙහෙරැලු මත වෙලී
දග කරන දෑගිලිවෙලා ..
ලොවට රහසින් නුබ සිබින්නම්
නුබෙම පෙම්වතී වෙලා...

0 comments:

ආදරයට ආදරෙන්.... රෑ සඳ මඩ