නිහඬ රෑ මැදියම දුටු මගෙ නොවන සිහිනය...


💗💗ජිවිතයේ අපුර්වත්වය දකින්නමම ආයෙමත් ජීවත් වෙනවා කියලා මට දැනුනා...ඔයාගෙ උනුහුමෙ ඈත්වෙන්න බැරිව සිත හඩන විරාමෙක..මම ඔලුව උස්සලා ඔයා දිහා බැලුවා.....
කවුලුවෙන් සද එළිය ඔයාගෙ මූනට වැටිලා..
ඔයා සුව නින්දක...
සිනහවක් මුව දවටගෙන  
ඔයා ලස්සන හීනයක අතරමං වෙලා දෝ කියලා මට හිතුන....
නලලත වැටුන අකීකරු කෙහෙරොදක් දගකලා සුලගට ...
මහ පාලුවක් දැනුන මට...
ඒත් අහැරවන්න ලෝබයි මට....
මම ආයෙමත් ඔයා ලගට ගුලි වුනා....
නින්ද අහලකවත් නෑ
නිදි දෙව්දුව ඉරිසියාවෙන්ද මංදා.....
නින්දත් නොනින්දත් අතර
මං ගොඩක් වෙලා අතරමං වෙන්න ඇති....
වේගයෙන් උස් පහත් වෙන ඔයාගෙ ළය මඩල පුරා...
මගෙ අකීකරු අතැගිලි දග කරද්දී
ඔයා අවදි වුනා...
නෙතු ......
තවම නිදි නැද්ද ඔයා....
ඔය ඇස් මගේ නෙතු අතර පැටලෙද්දි.....
කියාගන්න බැරි ආදරය කින් ඔයා මාව තුරුළු කර ගත්තා .....
ඔයාගෙ උනුහුම සිත පුරා දැනෙද්දි ....
මම තිගැස්සිලා ඇහැරුනා....
රැය පහන් වන තුරා මා අවතැන් කලේ සිහිනයක වග දැනෙද්දී...
මගෙ හිනාව මට සගව ගන්න බැරි වුනා...

0 comments:

ආදරයට ආදරෙන්.... රෑ සඳ මඩ