මසිත අවතැන් කරන ඔබේ මතකය....

ඉරු දින නිසාදෝ
මුලු නුවරම
මහත් කලබලයක....
දෙනෝ දාහක් මැදින්
ඉදිරියට ඇදුන සිත...
නැවතුනේ නුවර වැව ලග


දළදා මළුවට යන්න තරම්
පහන් සිතක්...
ඉතිරිව නොතිබින.
බිදුනු සීරුනු මසිත
රිදුම් දේ....
නුවර වැව රවුමේ
ඉක්මනින් ඇවිද ගියෙමි.
හමනා සුලං පොදක දැවටෙමින්
ඔබේ මතකය....
මසිත අවතැන් කරනට මත්තෙන්....

0 comments:

ආදරයට ආදරෙන්.... රෑ සඳ මඩ