ජීවිතය ගලායයි...

කවුලුවෙන් පිටත...
නෙතු මානයේ දිස්වන....
සයුර නිසලය....නිහඬය...
වරින් වර උදම් වන රළ..
වෙරළ සිප යයි නිහඬවම ...
ගිලන්ව ඇත්තේ ගතද..
සිතදැයි නොදනිමි.....



කාලය තුරග වේගයෙන්
පියමං කරයි...
ජීවිතය ගලායයි...
මෙතෙක් තනි නොතනියට උන්
මගෙම දයාබර පන්හිඳ ...
ඔබෙන් සමුගන්නා
විරාමයයි මේ

0 comments:

ආදරයට ආදරෙන්.... රෑ සඳ මඩ