හැරදමා පලා යන්න

ආදරය හරියට වීදුරුවක් වගේ
තද කරලා අල්ල ගත්තොත්
බිදිලා යාවි අතේම....
හිමිහිට අල්ල ගත්තොත්
ගිලිහීලා යාවි
අපිටත් නොදැනීම.
කොයිතරම් හිත රිදවුවත්
දාලා යන්න පුලුවන්ද ආදරය..,
අතින් ගිලිහුනත්
හිතන්න පුලුවන්ද
අහිමි කියලා....ආදරය
ආදරය කියන්නේ ආත්මාර්ථය නෙමෙයි..
පරිත්‍යාගයක්.,
සත්තකින්ම පරිත්‍යාගයක්...
පූජනීය පරිත්‍යාගයක්...
ලගින්ම තියාගන්න බැරි උනත්
ඉන්න තැනක සතුටින් ඉන්නවා
දකින්න පුලුවන් නම්..
ඒක තමයි ආදරය...
හදවත ස්පර්ශ කල ආදරය
හැරදමා පලා යන්න
පුලුවන්ද ඔයාට..,
අනන්තයම වුනත්
ආදරය හැමදාමත් ආදරයම පමණක් වේවි..

0 comments:

ආදරයට ආදරෙන්.... රෑ සඳ මඩ