අවතැන්වූ ජීවිතය

චමත්කාරවූ සෙනෙහසක
සුන්දරය මතකයන්
සිත අවදි කරන ඇසිල්ලක..
අසෙනි වර්ශාවක් බදුවු
ප්‍රෙමයෙ උනුසුම
සිතට දැනී නොදැනී යයි.
අවතැන්වූ ජීවිතය
සමනල පියපතක් හොවා
සුමුදු මල් පියල්ලක තැන්පත් කලා ඔබ...
නමුදු ..
ජිවිතය රෝස මල් ඇතිරූ යහනක් නොව
ගල් බොරලු මතින් පියවර තබන්නට
හුරුකලා ඔබ..
මෙතෙක් ආ ගමන් මග
උගත් දෑ අපමනය...
යලිත් හිරු දකින්නට
සෙනෙහසින් ලග ඉන්න..


0 comments:

ආදරයට ආදරෙන්.... රෑ සඳ මඩ