සිතුවිලි අවතැන්ව

විඩාබර බවක් දැනේ...
සිතටද...
නෙතට දැයි නොදනිමි....
හිත කීරිගැහෙන වාරයක් පාසා..
දෙනෙත් කදුලින් බරව යයි..
දෙකොපුල් දිගේ ගලායන
කදුලු වලට හැකිනම් කතා කරනට...
නිසැකවම ලොවට හඩගා කියනු ඇත
සිතෙහි තෙරපෙන වේදනාවක තරම්.
විශ්වාසය මත ගොඩ නැගුණු බැදීම්...
නෙතු අභියස බොදව යද්දී...
සිතුවිලි අවතැන්ව
මංමුළාවූ සෙයක් දැනේ මට...
දිනෙන් දින පසක් වන දේ
සක්සුදක් සේ පැහැදිලි වන කල...
නොහැගුනා සේ සිටින්නට වෙර දරමි..

0 comments:

ආදරයට ආදරෙන්.... රෑ සඳ මඩ