ආදරේයි මහාමෙරක්...

"මම අදටත් හොයනවා ආදරය කියන්නේ මොකක්ද කියලා"
නමුත් පරිසමාප්ත අරුතින්ම ආදරය යනු ඔබ යැයි මම කියමි.
"මම ආස නෑ කදුලු වලට"
ඔයා මගේ ඇස් දිහා බලාන කිව්වා.
කදුලු බර වැඩියි රත්තරං..,
දුකටද....සතුටටද කියලා
වැටහෙන්නෙ නෑ මට..
ඔයා දන්නවද.,
ඔයාගෙ ආදරය දරාගන්න බැරිව
නෙතට කදුලු උනන බව..
දෙයක් කියන්නද මම...
ආදරේයි මහාමෙරක් තරම්
මගේම නොවන මගේම ආදරය ඔයා.

0 comments:

ආදරයට ආදරෙන්.... රෑ සඳ මඩ