බැමි ලෙහිලා ගිහින්...

අතොරක් නැතිව
මහා වැසි වසිනවා
මගේ හිත,
ඔයාගෙ උනුසුම හොයනවා.
ඒත් ඔයාගෙ තුරුලට එන්න
අවෞ නෑ මට.
ඔය උනුසුමට ලංවෙන්න
පිරූ පිරුමන්
හීනයක් විතරක් වෙලා.
මතකද ඔයාට..
මම දවසක් කිව්වා...
‍රත්තරං...

මට ඔයා ලගට වෙලා ටිකක් ඉන්න ඕනි..
ඒත් ඔයාට දැනුනේ නෑ මගේ හිත.
ආයෙමත් කවදාවත්ම දැනෙන එකක් නෑ ඔයාට.
ඒ ඔය හිත මගෙන්
හුගක් දුර ගිහින් නිසා.,
ආදරය ගිලිහිලා.
විශ්වාසය මත බැදුනු
බැමි ලෙහිලා ගිහින්...
අවසන ඉතිරි වුනේ
ගෙවුන මතකයක නටබුන් විතරයි.
ඒත් මම ඝන කලුවරේම හොයනවා
මගෙන් ගිලිහුණු ආදරය....
අහිමි ආදරය හොයනවා.,
ඔව්. වස්තුවේ.,

ඔයාගෙ ආදරය හොයනවා.
ලංකරගන්න බැරි වුනත්..
සත්තකින්ම.
මගේ හුස්ම නවතින තුරාවට
මගේ ආදරය ඔයාම විතරයි
ඇත්තමයි...

0 comments:

ආදරයට ආදරෙන්.... රෑ සඳ මඩ