දිගුකාලීන වෙන්වීම

මැදියම ගෙවෙන තුරුම
අපි මුහුදු වෙරලට වෙලා හිටියා.
දිගුකාලීන වෙන්වීම
අද ආයෙමත් ජිවත් වෙන්න උගන්නනවා.
ඉර උදාව බලන්න
ඔයා මාව එක්ක ආවා
හරිම ලස්සනයි
පුදුම ලස්සනක්,..
ඔයා ලග ඉදිද්දි
අපුර්ව චමත්කාරයක්
උදෙන්ම යමු බබා...
නැත්නම් හෙට වැඩට නො‍යා ඉදී ඔයා.
ගිහින් ඇරලනවද මාව..
මම ඇහුවා
ඔයා හිනා වුනා...
ඒ හිනාවේ සැගවුන
අරුත කියන්නද මම....
ඔයා වෙනුවෙන් මට මොනාද කරන්න බැරි
කියනවා වගේ.
ඔයාගෙ දෙතොල් මගේ
නලලත තද වෙදිදි
මම අසරන වුන තරම් දන්නෙ
මම විතරයි රත්තරං..

0 comments:

ආදරයට ආදරෙන්.... රෑ සඳ මඩ