ප්‍රේමය ...

තෙරක් නොපෙනෙන
දිවි මං තලාවේ.
අරමුනක් නොමැති සිත
සක්මන් කරන කල....
අහම්බෙන් නෙත ගැටුන,
සිහිල් සෙවනක් අසල.
සිත මගේ නැවතිලා....
සමුදෙන්න බැරි ලෙසම.
ජීවිතය හතිවැටී
බිද වැටුන මගේ සිතට
විඩා නිවනා පවස
ඔබේ ප්‍රේමයයි සබද..

1 comment:

  1. සිත මගේ නැවතිලා....
    සමුදෙන්න බැරි ලෙසම

    ReplyDelete

ආදරයට ආදරෙන්.... රෑ සඳ මඩ