එදාට මං වෙනුවෙන්

වැහි අදුර පරිසරයම වෙලා ගෙන.
අහස ඉරාගෙන මහා වැසි වහිනවා.
කවුලුවෙන් එන හිරිකඩ
මගේ හිතම හීතල කරලා.
හිතේ පුංචියට වුන වේදනාවක්
අද පිලිකාවක් වගේ
හිත පුරාවටම ඔඩු දුවලා.
ජිවත් වෙන්නත් බැරිව
මියැදෙන්නත් බැරිව
ලතවෙනවා...
මුලිනුපුටා දමන්න බෑ කවදාවත්ම
ඒක පිලිකාවක් නිසා.
ඒත් කාලයට විසදුම් තියෙනවා.
දවසක විදවලාම මියැදේවි.
කාටවත්ම නොදන්වා මේ හුස්ම
වාතලයට මුසු වේවි.
එදාට මං වෙනුවෙන්
අඩන්න නම් එපා....
සොහොන තුල නිවනක් නැති වේවි

0 comments:

ආදරයට ආදරෙන්.... රෑ සඳ මඩ