ඒත් ඔබ සිහිනයක්

එකම එක වතාවක්
එක නිමේෂයක්
ආසයි දැක ගන්න
එනවාද හමුවන්න.
දෙනෙත් මත පැටලෙමින්.
වදන් වැල් ගොලුකරන්
ලය මතට හිස හොවා
මොහොතකට තනිවෙන්න.
සිත පතුලෙ සගවාගත්
අවදිවන සිතුවිලිත්
නිහඬ කර හිදින්නෙමි
පපුතුරෙහි හිස හොවා
උනුසුමෙහි දැවටෙන්න.
ඒත් ඔබ සිහිනයක්
ඉටුනොවන සිහිනයක්
ජීවිතේ පුරාවට
අහිමි වූ මතකයක්.

0 comments:

ආදරයට ආදරෙන්.... රෑ සඳ මඩ