අපි අඩනවා

සිතේ සතුට ඉතිරෙන කොට
අපි හිනාවෙනවා...
සතුට වැඩි කමට
ඇස් වලින් කදුලු එනවා.
ඒත් වේදනාව දැනුනම
අපි අඩනවා.
දුක දෝරෙ ගලන්න අඩනවා.
සතුට වැඩි කමට ඇස් වලට කදුලු එනවා නම්.
අපි අඩන කොට ඇයි
දෙතොලගට හිනාවක් නොඑන්නෙ.
ඔයත් උත්සාහ කරන්න
වේදනාව හිත යට සගව ගෙන හිනා වෙන්න.

0 comments:

ආදරයට ආදරෙන්.... රෑ සඳ මඩ