පුංචි තරුවක් වන්නට

බිදවැටුන බලාපොරොත්තු
එකිනෙක අමුනා..
පුංචි වියමනක් ගෙත්තම් කලෙමි මම....
බිදුන බදුන් සැකසිය නොහැකිවා සේම....
බලාපොරොත්තු විසිරේ බොල් අහස පුරාවටම....
විසල් අහස මත
ඔබ සදට සම කලෙමි මම...
පුංචි තරුවක් වන්නට
පෙරුම් පිරුවෙමි..
තරු කඩාවැටේ..
ඔබ සදුය...
මන්දාරම ඉරා පායන සුපුන් සද ඔබ.
රැය පුරාවටම මගේ පෙම් සිත ලග සෙනෙහසින් බවුන් වඩන...

0 comments:

ආදරයට ආදරෙන්.... රෑ සඳ මඩ