ඒත් ඔබ මිරිගුවක්..

අදුරේදී ඔබේ සෙවනැල්ලද
ඔබ අතැර යනු ඇත..
නමුව් ඔබේ සෙනෙහස
සැමදා තනි නො තනියට
ඔබ හා රැදෙනු ඇත..
සිත දවන ඇසිල්ලක
ඔබ මට පසක් කරලයි.
හුදෙකලා වන හැම කලක
ඇසිපිය හෙලන නිමේෂයක
හද ගැහෙන හැම වරෙක
සිහිනයක දැවටෙන්න සිත වෙරදරයි.
ඒත් ඔබ මිරිගුවක්..
අතැරගිය සිහිනයක්...
අහිමි වූ සෙනෙහසක
නොමියෙනා මතකයක්.

0 comments:

ආදරයට ආදරෙන්.... රෑ සඳ මඩ