ශාප නොකරමි සිතින්

අහෝ අරුමයකි නුබ
සෙනෙහසින් ලග ඉදන්
නපුරු කම් කලත්
රිදවාවි ඔබේ සිත
තනිවුන හැම විටෙක...
දනිමි මම ඔබෙ සිතුම්
ඔබටත් වඩා මම
අමතක නැතිව ඇති
ගෙවීගිය ශනිදාව
එක සිතක් ලං කරන්
මගෙ සිත උගසට තියන්
මංමුළා වැල් කවයී
වචන ගලපා ‍යසට
ශාප නොකරමි සිතින්
ඔය හිතට කිසිදාක.
ආදරය වැඩි නිසා
සත්තකින් බැදි පෙමට
සමුගන්න අවසරයි
ඔබට පෙම් කල පවට.

0 comments:

ආදරයට ආදරෙන්.... රෑ සඳ මඩ