යන්න ඈතටම යන්න....

මන්දාරම මැදින්
ලා සද පායලා
ඒත් හද දිහා බලන්න හිතුනෙ නෑ මට.
සේපාලිකා ගස මල්වර වෙලා..
සුවද දැනුනෙ නෑ මට.
හිතම හිරිවැටිලා.
ඔයා දවසින් දවස,
මගෙන් ඈතකට යනවා..
මම ලංවෙන්න හදපු හැම මොහොතකම.
ඔයා සූක්ෂම විදිහට ඈත් වුනා.
කමක් නෑ රත්තරං..
ආදරය කියන්නේ
බලෙන් ලබාගන්න පුලුවන් දෙයක් නෙමෙයි..
ඒත් මම තරහා නෑ,..
යන්න ඈතටම යන්න.
මගේ දෙනෙතට නොපෙනී යන්න.
මගේ සිතුවිලි හිත තුලම හිර කරන්
මම විදවන්නම්...
ජීවත කාලයටම විදවන්නම්...
ඔබෙන් ලද ආදරය

1 comment:

  1. මම විදවන්නම්...
    ජීවත කාලයටම විදවන්නම්.

    ReplyDelete

ආදරයට ආදරෙන්.... රෑ සඳ මඩ