ස්පර්ශ වුන ඔබෙ දෙතොලග

ජීවිතය අරුමයක් බව
මට දැනුනේ
ඔබ අරුමයක්ම වූ නිසාය.
සත්තකින්ම... ඔබ
සද එලිය සේ පිවිතුරුය.
මල් සුවද ආත්මය පුරා රදවා
ඔබ මා අවතැන් කලේය.
නොපහන් රැය පුරාවටම
සිතුවිලි අතරට විත්
ඔබ මා අවදි කලේ..
අපූර්ව ආශ්වාදයක්
සිත පුරා විහිදුවමින
පිනි කදුලක සිසිලස
ස්පර්ශ වුන ඔබෙ දෙතොලග
උනුසුම් කලා මගේ පපුතුර.
එහෙත් පහන් වූ විගසින
බොද කලා මගේ සිහිනය
මට මාද අහිමිකර.

0 comments:

ආදරයට ආදරෙන්.... රෑ සඳ මඩ