ආපසු යන්නට පාර කියනවද...

ආපසු යන්නට පාර කියනවද
ආ මග දුර වැඩි නිසා
මංමුලා වී පාර අසනවිට
මංසලකුණු කියලා දෙනවද
ආ පසු යා යුතුමයි සිතෙන නිසා.........

ආ පාරේ කටු තිබුනට රළු නෑ ඔබ උන්නු නිසා
අනන්තයට යන්නම ආසයි
එනමුත් බය වැඩි මගදී ඔබ නැති වේය කියා.....
දිය බිදුවක් සොයා යමි පිපාසය දැනෙන නිසා
මිරිගුව ඔබ නම් පසුපස විත් හතිලමි
එකම පිලිසරනත් ඔබම නිසා..

මේ ගීතයත් අහන්න .......

1 comment:

  1. අනන්තයට යන්නම ආසයි
    එනමුත් බය වැඩි මගදී ඔබ නැති වේය කියා....

    ReplyDelete

ආදරයට ආදරෙන්.... රෑ සඳ මඩ