නිර්වචනය

ජීවිතයවත් ආදරයවත්
නිර්වචනය කරන්න කාටවත්ම බෑ
ආදරය හැමෝටම දැනෙන්නෙ
එක විදිහට නෙමෙයි.,
ජීවිතය ගෙන දෙන්නෙ
එකම අත්දැකීම නෙමෙයි.
විවිධාකාර විදිහට දැනෙන
ආදරය හා ජීවිතය
අපි නොයෙක් විදිහට අර්ථ් දක්වනවා.
නමුත්.
ආදරය කියන්නේ විදින විදවන එකවත්...
ජීවිතය කියන්නේ හිමි අහිමිවීමත් නෙමෙයි.
ජීවිතය අපිට වැරදුනොත්
ඒ වරද හදාගන්න
අපිව ජිවිත කාලයම මදි වේවි.
නමුත් ආදරය හරි පුදුමයි.
ආදරේන් පැරදෙන අය
ආදරය අහිමි වෙන අය
මෙකී නොකී සියලු දෙනා
ආදරය හොයනවා...
හිතට දැනෙන අය ලග නවතිනවා.
සිහින දකින්න හුරු කරනවා.
ලෙන්ගතු‍ හිත් අසරන කරනවා.
නමුත් ජිවිත කාලයටම
ආදරය හොයනවා...
සත්තකින්ම
ආදරය හොයනවා...

0 comments:

ආදරයට ආදරෙන්.... රෑ සඳ මඩ