මගේ නොවන...

සීතල රැය පුරාවටම
සිහින සිත්තම් කරන
අකීකරු සද....
මන්දාරම අතර සැගව ගොස්
අහස් ගැබ අදුරු කර...
නොපහන් රෑ මැදියමේ
ඉහ අද්දරටම විත්
සිතම උනුහුම් කල
ප්‍රෙමයක මතකය
සිත දවයි නිරන්තර.
සෙනෙහසින් වදන් වැල්
ගෙත්තම් කලා නිතින
පෙම් සුවය තවරමින්
මතක මන්දිරය තුල
හද කුටිය උනුසුම් කල
මගේ නොවන...
මගෙම ආදරය ඔබ.

0 comments:

ආදරයට ආදරෙන්.... රෑ සඳ මඩ