ලද දායාදයන් නම් අපමණය.

අහිමි වූ සියල්ල
මවෙතින් ගිලිහී ගියේ
රැදෙන්නට තරම් වටිනාකමක්
මවෙත නොවූ නිසා බව
නිගමනය කරමි...
නමුදු ශේෂ වූ මතකය
තුලින් උගත් දේ බොහෝය.
වදන් ගලපාලීමට නොහැක
ඒතරම්ම ප්‍රබලය...වටනේය.
ඒ සොදුරු මතකයන්
දිවිහිමියෙන් සුරකින්නට
මසිත මට සපත විය....
මෙතෙක් ආ මග
ලද දායාදයන් නම් අපමණය.
දුක, සතුට, වේදනාවන්
උරුමයන් විය...
ඒ අතුරින්

රත්තරං...,කදුද...,
මැනික් නිදිද..,
නො අඩුව ලැබුනි.
එපමණක් නොවේ..
මිලකල නොහැකි..
පන....හුස්ම..වස්තුව පවා
දායාද ලදිමි..
නමුදු.. මට මාද අහිමි ලෝකයක
හිමිවීම ගැන කවර කතාද....?
අල්ප කාලයක ජීවිතයට
කල්ප කාලයක නවාතැනක් කුමටද?

0 comments:

ආදරයට ආදරෙන්.... රෑ සඳ මඩ