ඔයාගෙ හැම හුස්මකටම

ඔයා දන්නවාද..?
මට ඔයාව කොයිතරම්
වටිනවාද කියල..
මගෙ ජීවිතයටත් වඩා වටිනවා..
ඔයා මට මගෙ ජිවිතය හොයල දුන්නා...
යා යුතු මග කියල දුන්න.,
මහ සයුරක අතරමං වුන මට
දියබට එන්න පාර කියන
පහන් තරුව වුනා...
පාලුව වෙලාගත් සිත් අහසම
එකලු කල සරා සද වුනා...
ඒත් නෙලා ගන්න බැරි
උඩවැඩියා මලක් වුනා..
ඔයා දන්නෙ නැතුව ඇති
ඔයාගෙ හැම හුස්මකටම
මම පෙම් කල වග.,
සත්තකින්ම... යන්නට හැකිය මට
ලෝකයේ අවසන් හිනිපෙත්තටම
දකින්නට ඔයාගෙ සතුට,
මගෙ හුස්ම පවා උගස් කර

0 comments:

ආදරයට ආදරෙන්.... රෑ සඳ මඩ