මගෙ හුස්ම ඔබ නිසා

ඔබේ ප්‍රථම ආදරය
මම නොවන වග
ඔබ මට කියා ඇත.
අවසන් ආදරය
මම නොවන බව
හොදාකාරවම දනිමි.
මට ඇවැසි වන්නේ
සදා මතකයේ රැදෙන
කෙනෙකු වන්නට නොව
ඔබේ මතකයන් අතර
සොදුරු මතකයක් වන්නටය.
මගෙ එකම පැතුම
ඔබේ හදවතෙහි
පුංචි ඉඩක ලැගුම් සොයන්නටය.
සත්තකින්ම
ඔබ මට මගේ ලෝකයයි
ඔබෙ ලොවතුල
මම සුවිශේෂී
නොවන බව දනිමි
නමුදු. ඔබේ සිත තුල
සැරිසරන්නටත්....
මතකයන් අතර ජීවත් වන්නටත්
ඔබ කිසිදා ඉඩ අහුරා නොමැත
අසීමාන්තික බැදීම් අතුරින්
මම තවත් එක බැදීමක්ම පමණි.
මගෙ හුස්ම ඔබ නිසා
අතැර යා නොහැක ඔට
නොඉල්ලාම ලද ජීවිතය
දිනක ආපසු අතැර යන නිසා..

0 comments:

ආදරයට ආදරෙන්.... රෑ සඳ මඩ