පරිත්‍යාගය ප්‍රේමයම නම්..

කවි කිවිදියන් නිතර ලීවත්
සදට පෙම් බදිනා කතා..
වගක් වත් නෑ සදවතට නම්
තරුවකට පෙම්කල නිසා...

සදට බැදි පෙම සගව ගෙන හිරු..
මියෑදෙනවලු රැය පුරා..
නිශායම දිදුලන සදවතී 
නොදන්නවා දෝ ඒ කතා.....

පරිත්‍යාගය ප්‍රේමයම නම්..
නිහඩකර සිතුවිලි වසා..
කදුල සගවා සිනා සෙන්නම්
මගෙ රිදුම් උකසට තියා.......

නුඹ උන්නු මතකයට ..

නිල් අහස් කුස සිඹින..
මගෙ සිතේ පෙම් සිහින..
නුඹ නැතිව නුඹ එක්ක..
වර්ණවත් කලා.මම ...

නුඹ උන්නු මතකයට ..
පන පෙව්ව අතීතෙක..
ශේෂ නටඹුන් මතම
සිත වැලපේ තවම ....

හිතට නිදහස දෙන්න..
මතකයට සමුදෙන්න..
නුඹ සිතින් නෙරපන්න
තවම බැරි වෙලා මට..

දිනක් නුදුරේ ඒවි..
මතකය අමතක වේවි..
හුස්ම අවතැන් වෙලා..
ජීවිතය නිම වේවි.....

අදටත් උනුහුම්... ඔයා උන්නු තැන

හිරි පොද වැස්සට
එක කුඩයක් යට..
සරසවි මං මාවත් ඔස්සේ..
රොබෝ රෝසියා 
මල් පලස මතින්
පියවර තැබුවා
පෙර දවසේ....
සීතලව සියොලග
උනුහුම සෙව්වා
වහං වෙලා
ඔය හිත මත්තේ...
අදටත් උනුහුම්
ඔයා උන්නු තැන
ස්නේහයෙන් මගෙ 
හිත පතුලේ ..

ප්‍රේමයත් කුදලාගෙන .. නුබ ගිහින් දුර ඈත....

බොහෝසේ වෙහෙසයි මට
ගෙවා ආ කප්පරක් දුර......
වසන්තය පමාවී හෝ
එනවා නොඅනුමානය මට....
ඔද්දල්ව පන අදින සිත
ගැහෙනවා නුඹ නමට තව..
ප්‍රේමයත් කුදලාගෙන ..
නුබ ගිහින් දුර ඈතක ..
ආයෙ නම් එන්නෙපා පන
රැගුම් පා පුරුදු ලෙස..

වසන්තය පමාවී හෝ
වඩිනවා සත්තකින්ම ...මට........

නුඹෙම පමණයි...

හීන අහුරක ඇවිත් නවතින..
මතක හිත මත තවරලා..
නෙතග කදුලක් මෝදු වූවා..
ඔය සිනහවේ පැටලිලා.. 

සීත උදයක දුන්නු හාදුව
නුරාතොල් උනුහුම් කලා
පපුතුරේ සැගවී වින්ද පෙම
හිත හිරිවට්ටලා ගිය..

අකීකරු කෙහෙරැලු මත වෙලී
දග කරන දෑගිලිවෙලා ..
ලොවට රහසින් නුබ සිබින්නම්
නුබෙම පෙම්වතී වෙලා...

ඉන්න තැනක සතුටින් ඉන්න

#ඇයි ඔය මට ආදරය කරන්නෙ...?
මම ඇහුවා....
#ඔයා ගොඩක් වෙනස් විදිහට හිතන කෙනෙක් නිසා..
ඔයා කිව්වා..
එදා මට ඒ ව්චන හිතට ගොඩක් දැනුනා..
මම ගොඩක් වාසනාවන්තයි කියලා හිතුනා..
අහිංසක ආඩම්බරයක් හිත පිරෙව්වා...
ඔව්..ඔයා හරි..ඒ වෙනස තමයි
අද මේ තරම් මම විදවන්නෙ...
ඒ නිසා තමයි මගෙන් ඈතක ගිය ඔයාට
ආදරය කරන්නෙ...
ඒත් ඔයාගෙ ආදරය මට මහමෙරක්
ජීවිතේ සොදුරුම තැන්..
ඔයා එක්ක මම තවමත් විදිනවා...
එදා වගේමයි ආදරය වෙනසක් නෑ..
පුංචි ලෝබකමකින් හිතට නොදැනෙනවාම නෙමෙයි .....
ඒත් ආදරය ඒටත් වැඩි....
#මම ඔයගෙ පලමු ආදරය උනාට
#ඔයා මගේ ප්‍රථම හා අවසාන ආදරය ...
ඉන්න තැනක සතුටින් ඉන්න පතන්නම්
හැමදාමත් ..............
...නෙත්...

සංසාර ආදරය

ස්වේත වර්ණ අහසට හිරු සමුදෙන සොදුරු සැන්දෑවකි...
අප අතර වූයේ දැඩි නිහඩ බවකි..
#නෙත්...
#ම්ම්ම්...
#ඇයි ඔයාට වෙනස් වෙන්න බැරි....
මට ඔබ දෙස බැලුනේ විමතියෙනි..
#ඇයි මම වෙනස් වෙන්නෙ...
මම ඇසූවේ තරමක් වේගයෙනි ...
#අපි අතර ගොසක් දේ උනා...
අවුරුදු ගානකුත් ගියා...
ඒත් ..
.ඔයා ඉස්සර වගේම මට ආදරය කරනවා..
කොහොමද ඔයා ඔයතරම්
මට ආදරය කරන්නෙ....
#ඇයි එපාද....
මම ඔබේ දෙනෙතට එබී ඇසුවෙමි...
ඔබ නිහඩය.......
#ඇයි එපාද....කියන්න
පිළිතුරු නොමැති බව දනිමි..
#කෝපි එක නිවෙනවා බොන්න...
නිහඩ බව බිදින්නට කීවෙමි.
වචන ගැලපිය නොහැක...
මම තරම් කිසිවෙකු ඔබට ආදරය
නොකරන බව අදහමි....
නිහඩ කදුලක් නෙතග එබී බ්ලයි...
රෑ සද එලියේ සේපාලිකා මල් සිප එන
සීත සුලගක්...
අනවසරයෙන් ගත දැවටේ ......
සිත ඉකි බිදී....
නෙත් කදුලු පීදේ...
මුවග සිනා මල් මෝදු වේ..
සංසාර ආදරය හබා එන්නම්
උපදින හැම බවයකම......
.

සෙනෙහසින් ලියමි




අසීමාන්තික බැදීම් පිරිවරා 
දිගු ගමනක් යන ඔයාට
අත්වැලක් වන්නට නොහැකි වේවි..
නොගැලපීම් ගලපගන්නට
දරන උත්සාහය
ඊලඟ නිමේශයේ දී

පලා ගිය සතුට

මගෙ ඔබ
ඔබ ලඟ
නතරවුන නිමෙශයේ
නතු නොවුන  නම්
ඔබෙ  සෙනෙහසේ
නෙත් දැලට...

මගෙ නොවෙන සද

සද අයිති අහසට උනාට 
කී දෙනෙක් නම්
හදට පෙම් කරනවද..
ඔයත් මේ සුවිසල් අහසට
පෑයූ සද වගේ...
මම ඔයාට ආදරය කරනවා
ඔයා මගෙ කරගන්න නෙමේ

මසිත අවතැන් කරන ඔබේ මතකය....

ඉරු දින නිසාදෝ
මුලු නුවරම
මහත් කලබලයක....
දෙනෝ දාහක් මැදින්
ඉදිරියට ඇදුන සිත...
නැවතුනේ නුවර වැව ලග

පුංචි හීනයක්

ජීවිතය වැරදුනාට
සිතුවිලි අවතැන් වුනාට
අපැහැදිලි මාවතේ
හුග දුරක් ඇවිත් මම ....
ඔබ අතැර ගිය තැනම

හැමදාම ආදරෙන්



සරා සද ...
නැගෙන තුරු
මග බලමි
හැම රෑයක.....
දොඩමළු වන්නට 

තරු වියන් යට....
ගැට පිච්ච සුවදක් ව
ඔබ සිහින ගෙන ආව..

ජීවිතය ගලායයි...

කවුලුවෙන් පිටත...
නෙතු මානයේ දිස්වන....
සයුර නිසලය....නිහඬය...
වරින් වර උදම් වන රළ..
වෙරළ සිප යයි නිහඬවම ...
ගිලන්ව ඇත්තේ ගතද..
සිතදැයි නොදනිමි.....


ලෙන්ගතු සෙනෙහස

අපේ ජීවිත වලට
එන හැමෝම......
අපිට අපේ කර ගන්න බෑ
ඒත්......

නිහඬ රෑ මැදියම දුටු මගෙ නොවන සිහිනය...


💗💗ජිවිතයේ අපුර්වත්වය දකින්නමම ආයෙමත් ජීවත් වෙනවා කියලා මට දැනුනා...ඔයාගෙ උනුහුමෙ ඈත්වෙන්න බැරිව සිත හඩන විරාමෙක..මම ඔලුව උස්සලා ඔයා දිහා බැලුවා.....
කවුලුවෙන් සද එළිය ඔයාගෙ මූනට වැටිලා..
ඔයා සුව නින්දක...
සිනහවක් මුව දවටගෙන  
ඔයා ලස්සන හීනයක අතරමං වෙලා දෝ කියලා මට හිතුන....

නිහඩත්වය....

ජීවිතයට බොහෝ අර්තකතනයන් ගෙනෙනු ඇත....
නිහඬ බව තුල
මහමෙරක් වන් ආදරයක්
සැගව ඇත....

මග බලන නෙතු



නොගැලපෙන පද පෙලක්
ගලප ගෙන ලියන්නම් ...
සංසාරේ හඹා ආ...

සෙනේ ගැන කියන්නම්...

මගෙ හුස්ම ඔබ..... .

සත් මුහුද සිප හමන
පවනක වෙලී...
දැක ගන්න ඔබ එන්න
මතකයෙ වෙලී...

කාලය පැමිණ ඇතිදෝ

මේ මා අතින් ලියවෙන..
අවසාන පද ගෙත්තම
වන්නට පුලුවන....
මගෙ දුක සතුට ලග...
තනි නොතනියට උන්.,
මගෙම දයාබර පන්හිඳ....
ඔබට සමුදෙන්නට...
කාලය පැමිණ ඇතිදෝ 
මට සිතේ...
මා අකුරු කරන්නෙ.,
කිසිවෙකුට රිදවන්නට නම් නොවේ
එවන් පහත් ආශාවන්
මා තුල නැත..,
නමුදු.,
සිතට දැනුන දේ
එසැණින් සනිටුහන් කිරීම
මගේ දුර්වල කමක් දැයි නොදනිමි.
ඉතින් සමාව යදිමි....
රිදුනි නම් 
ඔබ සිත...
මා ලියන දෑ 
රසවින්ද යහලු යෙහෙලියන් මෙන්ම
හෙලා දැකපු අයද..
නැතුවා නොවේ...
ගිණුම අක්‍රිය නොකරමි..
නමුදු..
මින් ඉදිරියට..
සංවේදී පදවැල්
ගෙත්තම් නොවේවි...

හදවතම ඉරි තලයි

අතුඅග රැදෙන පිනිබිඳු
වියැකිලා යයි හිරු දුටු විගස
ඔය නෙතු අභියස රැදෙන
මගෙ නෙතු
බොද වෙනව කදුලු සයුරක
හිමි වී අහිමි වුන සිතක් ලග
සිතුවිලි බවුන් වඩන සද..
හදවතම ඉරි තලයි
ඔබ වෙනතක
ගිය බව දැන..

පහන් රැය පුරාවට

සදවතිය සැගවීලා
හිරු ඇහැරෙන්න කලියෙන්ම
පිනිබිඳු ව්යැකිලා
හිරුගේ උනුහුමින්
අරුනැල්ල ගෙට ඇවිත්
මගෙ සිතම අවදියෙන්
තුරුලතා හිනැහෙනවා
හිරු රැසින් නැහැවෙමින්
මිහිතලය ජිවයෙන්
පණ් ලබයි සොම්නසින්
පහන් රැය පුරාවට
දොඩමළුව සෙනෙහසින්
ඔබ නිදයි උනුහුමට
පපුතුරේ හිස හොවන්
හිමි නොවන සිහිනයක්
ලස්සනට හැඩ කරන්
ගෙත්තමක් වියන්නෙමි
සිතුවිලිත් ගලපමින්
අවසනක් ඇරඹුමක්
නොවූ පෙම සිත දරන්
හැමදාම හඩන්නම්
මතකය තුරුලට අරන්,.

සියල්ල අතැර ගියද..

මා තරම් අන් කිසිවෙකු
ඔබට පෙම් නොකරනු ඇතැයි
මසිත මට කියයි..
නමුදු ආදරය සොයා යන ගමනේ
මගෙ ආදරය ඔබට නොදැනුනේ
මගේම වරදින් වන්නට ඇත.
නමුදු දිනක ඔබට වැටහේවි
සියල්ල අතැර ගියද..
අවසානයේ ශේෂවූ මතකයන් තුල
මගේ මතකය ඉතිරිවී ඇති වග.
මග බලමි
උදාවන තුරා
ඒ ආත්මීය හෝරාව...

අදුරේදී සැගව යන

සදක් වෙන්න බෑ මට
ඔබේ සිත් අහසට
පායන්නෙත් එක
සදයි ගුවනත..
මමත් ඉන්නම් තරු අතරම
ඔබට නොපෙනුනට
නෙතු මානයට
සයුර ඔබ නම්
පවස නොනිවන
වෙරළ වෙන්නම්
සිප සනසවන
සෙවනැල්ල නොම වෙමි
අදුරේදී සැගව යන
පෙනෙන මානෙක ඉන්න දෙනවද.
හුස්ම පොද ඔබ
මගේ දිවියට
මියෙන තුරු
ආදරය දෙනවද.